අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.5.3. අඤ්ඤ බ්‍යාකරණ සුත්තං

5.2.5.3. අරහත්වය පැවසීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ අරහත් වූ බව ප්‍රකාශ කරන කරුණු පසකි. ඒ කවර පසක් ද යත්;

(1). නුවණ මඳ හෙයින් මුලාවට පත්වීම කරණ කොට ගෙන අරහත් වූ බව ප්‍රකාශ කරයි. (2). පවිටු ආශාවෙන් යුක්ත වූයේ පවිටු ආශාවෙන් මැඬුණු සිතින් අරහත් වූ බව ප්‍රකාශ කරයි. (3). උමතු වීමෙන් චිත්ත වික්ෂේපයට පත්වීමෙන් අරහත් වූ බව ප්‍රකාශ කරයි. (4). නිවන් මග මුළා වීමෙන් හටගත් අධිමානයෙන් යුතුව අරහත් වූ බව ප්‍රකාශ කරයි. (5). සැබෑ ලෙස ම අරහත් වූ බව ප්‍රකාශ කරයි.

මහණෙනි, මේ වනාහී අරහත් වූ බව ප්‍රකාශ කරන කරුණු පස යි.

සාදු! සාදු!! සාදු!!!

අඤ්ඤ බ්‍යාකරණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M