අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.5.1. පඨම සම්පදා සුත්තං

5.2.5.1. සම්පත්ති ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ සම්පත්තීහු පසකි. ඒ කවර පසක් ද යත්;

ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ශ්‍රැත සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය ය.

මහණෙනි, මේ වනාහී සම්පත්තීහු පස යි.

සාදු! සාදු!! සාදු!!!

පඨම සම්පදා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M