අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.2.1. පඨම සඤ්ඤා සුත්තං

5.2.2.1. සංඥා ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පස් වැදෑරුම් සංඥාවන් දියුණු කරගත් විට, බහුල වශයෙන් ප්‍රගුණ කරගත් විට මහත්ඵල ඇත්තේ ය. මහානිශංස ඇත්තේ ය. අමා නිවන පිහිට කොට ඇත්තේ ය. අමා නිවන කෙළවර කොට ඇත්තේ ය. ඒ කවර පසක් ද යත්;

අසුභ සංඥාව ය, මරණ සංඥාව ය, ආදීනව සංඥාව ය, ආහාරයෙහි පිළිකුල් සංඥාව ය, සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව ය.

මහණෙනි, මේ පස් වැදෑරුම් සංඥාවන් දියුණු කරගත් විට, බහුල වශයෙන් ප්‍රගුණ කරගත් විට මහත්ඵල ඇත්තේ ය. මහානිශංස ඇත්තේ ය. අමා නිවන පිහිට කොට ඇත්තේ ය. අමා නිවන කෙළවර කොට ඇත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

පඨම සඤ්ඤා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M