මහණෙනි, මා විසින් මේ කර්ම සතර ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කරන ලද්දේ ය. ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, අඳුරු විපාක ඇති අඳුරු කර්මයක් ඇත්තේ ය. මහණෙනි, දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මයක් ඇත්තේ ය. මහණෙනි, අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් විපාක ඇති අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් කර්මයක් ඇත්තේ ය. මහණෙනි, කර්ම ක්ෂය වීම පිණිස පවතින්නා වූ අඳුරු ත් නොවන දීප්තිමත් නොවන විපාක ඇති අඳුරු ත් නොවන දීප්තිමත් නොවන කර්මයක් ඇත්තේ ය.
1. මහණෙනි, අඳුරු විපාක ඇති අඳුරු කර්මය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් දොස් සහිත වූ කාය සංස්කාර රැස් කරන්නේ වෙයි. ….(පෙ)…. මහණෙනි, මෙය අඳුරු විපාක ඇති අඳුරු කර්මය යැයි කියනු ලැබේ.
2. මහණෙනි, දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් දොස් රහිත වූ කාය සංස්කාර රැස් කරන්නේ වෙයි ….(පෙ)…. මහණෙනි, මෙය දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මය යැයි කියනු ලැබේ.
3. මහණෙනි, අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් විපාක ඇති අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් කර්මය යනු කුමක් ද? මහණෙනි, ඇතැමෙක් දොස් සහිත වූ ත්, දොස් රහිත වූ ත් කාය සංස්කාර රැස් කරන්නේ වෙයි. ….(පෙ)…. මහණෙනි, මෙය අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් විපාක ඇති අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් කර්මය යැයි කියනු ලැබේ.
4. මහණෙනි, කර්මය ක්ෂය වීම පිණිස පවතින්නා වූ අඳුරු ත් නොවන දීප්තිමත් නොවන විපාක ඇති අඳුරු ත් නොවන දීප්තිමත් නොවන කර්මය යනු කුමක් ද? සම්මා දිට්ඨිය ය. ….(පෙ)…. සම්මා සමාධිය ය. මහණෙනි, කර්මය ක්ෂය වීම පිණිස පවතින්නා වූ අඳුරු ත් නොවන දීප්තිමත් නොවන විපාක ඇති අඳුරු ත් නොවන දීප්තිමත් නොවන කර්මය යැයි කියනු ලැබේ.
මහණෙනි, මා විසින් මේ කර්ම සතර ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කරන ලද්දේ ය.
සාදු! සාදු!! සාදු!!!
ඡට්ඨ කම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M