අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.4.1. පඨම කම්ම සුත්තං

4.5.4.1. කර්මය ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …….

මහණෙනි, මා විසින් මේ කර්ම සතර ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කරන ලද්දේ ය. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, අඳුරු විපාක ඇති අඳුරු කර්මයක් ඇත්තේ ය. මහණෙනි, දීප්තිමත් විපාක ඇති දීප්තිමත් කර්මයක් ඇත්තේ ය. මහණෙනි, අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් විපාක ඇති අඳුරු වූ ත්, දීප්තිමත් වූ ත් කර්මයක් ඇත්තේ ය. මහණෙනි, කර්ම ක්ෂය වීම පිණිස පවතින්නා වූ අඳුරු ත් නොවන දීප්තිමත් නොවන විපාක ඇති අඳුරු ත් නොවන දීප්තිමත් නොවන කර්මයක් ඇත්තේ ය.

මහණෙනි, මා විසින් මේ කර්ම සතර ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කරන ලද්දේ ය.

සාදු! සාදු!! සාදු!!!

පඨම කම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M