අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.1.7. පඨම පාප – කල්‍යාණ සුත්තං

4.5.1.7. පවිටු – කල්‍යාණ පුද්ගලයා ගැන වදාළ පළමු දෙසුම

මහණෙනි, ඔබට පවිටු පුද්ගලයා ගැන ත්, පාපියාට ත් වඩා පවිටු පුද්ගලයා ගැන ත්, කල්‍යාණ පුද්ගලයා ගැන ත්, කල්‍යාණයාට ත් වඩා කල්‍යාණ පුද්ගලයා ගැන ත් දේශනා කරන්නෙමි. එය අසව්. ….(පෙ)….

මහණෙනි, පවිටු පුද්ගලයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මරන්නේ වෙයි. ….(පෙ)…. වැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. මහණෙනි, මොහු පවිටු පුද්ගලයා යැයි කියනු ලැබේ.

මහණෙනි, පාපියාට ත් වඩා පවිටු පුද්ගලයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් සතුන් මරන්නේ වෙයි. අන්‍යයන් ද සතුන් මැරීමෙහි යොදවන්නේ වෙයි ….(පෙ)…. තමා ත් වැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි දෘෂ්ටියෙහි යොදවන්නේ වෙයි. මහණෙනි, මොහු පාපියාට ත් වඩා පවිටු පුද්ගලයා යැයි කියනු ලැබේ.

මහණෙනි, කල්‍යාණ පුද්ගලයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. මහණෙනි, මොහු කල්‍යාණ පුද්ගලයා යැයි කියනු ලැබේ.

මහණෙනි, කල්‍යාණයාට ත් වඩා කල්‍යාණ පුද්ගලයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ව ද සතුන් මැරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. ….(පෙ)…. තමා ත් නිවැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි දෘෂ්ටියෙහි යොදවන්නේ වෙයි. මහණෙනි, මොහු කල්‍යාණයාට ත් වඩා කල්‍යාණ පුද්ගලයා යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

පඨම පාප – කල්‍යාණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M