මහණෙනි, ඔබට පවිටු ධර්ම ඇති පුද්ගලයා ගැන ත්, පවිටු ධර්මයාට ත් වඩා පවිටු ධර්ම ඇති පුද්ගලයා ගැන ත්, කල්‍යාණ ධර්ම ඇති පුද්ගලයා ගැන ත්, කල්‍යාණ ධර්මයාට ත් වඩා කල්‍යාණ ධර්ම ඇති පුද්ගලයා ගැන ත් දේශනා කරන්නෙමි. එය අසව්. ….(පෙ)….
මහණෙනි, පවිටු ධර්ම ඇති පුද්ගලයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් වැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. ….(පෙ)…. වැරදි ඥානය ඇත්තේ වෙයි. වැරදි විමුක්තිය ඇත්තේ වෙයි. මහණෙනි, මොහු පවිටු ධර්ම ඇති පුද්ගලයා යැයි කියනු ලැබේ.
මහණෙනි, පවිටු ධර්ම ඇතියාට ත් වඩා පවිටු ධර්ම ඇති පුද්ගලයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් වැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි දෘෂ්ටියෙහි යොදවන්නේ වෙයි. ….(පෙ)…. තමා ත් වැරදි ඥානය ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි ඥානයෙහි යොදවන්නේ වෙයි. තමා ත් වැරදි විමුක්තිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද වැරදි විමුක්තියෙහි යොදවන්නේ වෙයි. මහණෙනි, මොහු පවිටු ධර්ම ඇතියාට ත් වඩා පවිටු ධර්ම ඇති පුද්ගලයා යැයි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණ ධර්ම ඇති පුද්ගලයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් නිවැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. ….(පෙ)…. නිවැරදි ඥානය ඇත්තේ වෙයි. නිවැරදි විමුක්තිය ඇත්තේ වෙයි. මහණෙනි, මොහු කල්‍යාණ ධර්ම ඇති පුද්ගලයා යැයි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණ ධර්ම ඇතියාට ත් වඩා කල්‍යාණ ධර්ම ඇති පුද්ගලයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් නිවැරදි දෘෂ්ටිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි දෘෂ්ටියෙහි යොදවන්නේ වෙයි. ….(පෙ)…. තමා ත් නිවැරදි ඥානය ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි ඥානයෙහි යොදවන්නේ වෙයි. තමා ත් නිවැරදි විමුක්තිය ඇත්තේ වෙයි. අන්‍යයන් ද නිවැරදි විමුක්තියෙහි යොදවන්නේ වෙයි. මහණෙනි, මොහු කල්‍යාණ ධර්ම ඇතියාට ත් වඩා කල්‍යාණ ධර්ම ඇති පුද්ගලයා යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය පාපධම්ම – කල්‍යාණධම්ම සූත්‍රය නිමා විය.
පළමුවෙනි සප්පුරිස වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සත්පුරුෂ සූත්‍ර සයකි, පාප-කල්‍යාණ සූත්‍ර දෙකක් සහ පාපධම්ම – කල්‍යාණධම්ම සූත්‍ර දෙකක් වශයෙන් මෙහි සූත්‍ර දශයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M