මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;
දුක් වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව ය. දුක් වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව ය. සැප වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව ය. සැප වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව ය.
1. මහණෙනි, එහිලා යම් මේ දුක් වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බවක් ඇද්ද, මහණෙනි, මේ ප්‍රතිපදාව දෙපැත්තෙන් ම හීන යැයි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් දුක් සහිත වෙයි ද, මෙයින් ද මේ ප්‍රතිපදාව හීන යැයි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් සෙමින් ලබන අවබෝධයක් ඇද්ද, මෙයින් ද මෙය හීන යැයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ ප්‍රතිපදාව දෙපැත්තෙන් ම හීන යැයි කියනු ලැබේ.
2. මහණෙනි, එහිලා යම් මේ ප්‍රතිපදාවක් දුක් වෙයි ද, වේගවත් අවබෝධයෙන් යුක්ත වෙයි ද, මහණෙනි, මෙහි ප්‍රතිපදාව දුක් සහිත බැවින් හීන යැයි කියනු ලැබේ.
3. මහණෙනි, එහිලා යම් මේ ප්‍රතිපදාවක් සැපවත් වෙයි ද, සෙමින් ලබන අවබෝධයෙන් යුක්ත වෙයි ද, මහණෙනි, මේ ප්‍රතිපදාව සෙමින් ලබන අවබෝධයෙන් යුක්ත බැවින් හීන යැයි කියනු ලැබේ.
4. මහණෙනි, එහිලා යම් මේ සැප වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බවක් ඇද්ද, මහණෙනි, මේ ප්‍රතිපදාව දෙපැත්තෙන් ම උසස් යැයි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් සැප සහිත වෙයි ද, මෙයින් ද මේ ප්‍රතිපදාව උසස් යැයි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් වහා ලබන අවබෝධයක් ඇද්ද, මෙයින් ද මෙය උසස් යැයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ ප්‍රතිපදාව දෙපැත්තෙන් ම උසස් යැයි කියනු ලැබේ.
මහණෙනි, මේ වනාහී සතරක් වූ ප්‍රතිපදාවෝ ය.
සාදු! සාදු!! සාදු!!!
ඡට්ඨ පටිපදා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M