අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.5.5. පජ්ජෝත සුත්තං

4.3.5.5. බබලන දේවල් ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ බබලන දේ සතරකි. ඒ කවර සතරක් ද යත්;

චන්ද්‍රයා යනු බබලන දෙයකි. සූර්යයා යනු බබලන දෙයකි. ගින්න යනු බබලන දෙයකි. ප්‍රඥාව යනු බබලන දෙයකි.

මහණෙනි, මේ වනාහී බබලන දේවල් සතර යි. මහණෙනි, මේ බබලන දේවල් සතරින් ප්‍රඥාවේ යම් බැබලීමක් ඇද්ද එය අග්‍ර වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පජ්ජෝත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M