අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.2.10.

තීණිමානි භික්ඛවේ, මෝනෙය්‍යානි. කතමානි තීණි? කායමෝනෙය්‍යං, වචීමෝනෙය්‍යං, මනෝමෝනෙය්‍යං.

පින්වත් මහණෙනි, මුනිවරයෙකු බවට පත්කරවන කරුණු තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? කයෙන් ඇතිකරගන්නා මුනිබව, වචනයෙන් ඇතිකරගන්නා මුනිබව හා මනසින් ඇතිකරගන්නා මුනිබවයි.

කතමඤ්ච භික්ඛවේ, කායමෝනෙය්‍යං ?

ඉධ භික්ඛවේ, භික්ඛු පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, අබ්‍රහ්මචරියා පටිවිරතෝ හෝති. ඉදං වුච්චති භික්ඛවේ, කායමෝනෙය්‍යං.

පින්වත් මහණෙනි, කයෙන් ඇතිකරගන්නා මුනිබව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවා. සොරකමෙන් වැළකී සිටිනවා. අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, මේකට තමයි කයෙන් ඇතිකරගන්නා මුනිබව කියන්නේ.

කතමඤ්ච භික්ඛවේ, වචීමෝනෙය්‍යං?

ඉධ භික්ඛවේ, භික්ඛු මුසාවාදා පටිවිරතෝ හෝති, පිසුණාවාචා පටිවිරතෝ හෝති, ඵරුසාවාචා පටිවිරතෝ හෝති, සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති. ඉදං වුච්චති භික්ඛවේ, වචීමෝනෙය්‍යං.

පින්වත් මහණෙනි, වචනයෙන් ඇතිකරගන්නා මුනිබව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් බොරු කීමෙන්වැළකී සිටිනවා. කේළාම් කීමෙන් වැළකී සිටිනවා. ඵරුෂ වචන කීමෙන් වැළකී සිටිනවා. හිස් වචන කීමෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, මේකට තමයි වචනයෙන් ඇතිකරගන්නා මුනිබව කියන්නේ.

කතමඤ්ච භික්ඛවේ, මනෝමෝනෙය්‍යං?

ඉධ භික්ඛවේ, භික්ඛු ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති භික්ඛවේ, මනෝමෝනෙය්‍යං.

ඉමානි ඛෝ භික්ඛවේ, තීණි මෝනෙය්‍යානීති.

පින්වත් මහණෙනි, මනසෙන් ඇතිකරගන්නා මුනිබව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමා විසින් විශිෂ්ට ඤණායෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි මනසෙන් ඇතිකරගන්නා මුනිබව කියන්නේ. පින්වත් මහණෙනි, මේ තමයි මුනිවරයෙකු බවට පත්කරවන කරුණු තුන.

කායමුනිං වචීමුනිං චේතෝමුනිමනාසවං,
මුනිං මෝනෙය්‍යසම්පන්නං ආහු සබ්බප්පහායිනන්ති.

කයෙනුත් මුනි වූ, වචනයෙනුත් මුනි වූ, සිතෙනුත් මුනි වූ, ආශ්‍රව රහිත වූ මුනිවරයෙකුගේ ගුණයෙන් යුක්ත වූ ඒ මුනි නම් වූ රහත් භික්ෂුව සෑම පාපයක්ම ප්‍රහාණය කළා කියලයි කියන්නේ.

ආපායික වග්ගෝ දුතියෝ.

දෙවෙනි අපායික වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M