අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.1.3.

නෝ චේදං භික්ඛවේ, ලෝකේ අස්සාදෝ අභවිස්ස, නයිදං සත්තා ලෝකේ සාරජ්ජෙය්‍යුං. යස්මා ච ඛෝ භික්ඛවේ, අත්ථි ලෝකේ අස්සාදෝ, තස්මා සත්තා ලෝකේ සාරජ්ජන්ති.

නෝ චේදං භික්ඛවේ, ලෝකේ ආදීනවෝ අභවිස්ස, නයිදං සත්තා ලෝකේ නිබ්බින්දෙය්‍යුං. යස්මා ච ඛෝ භික්ඛවේ, අත්ථි ලෝකේ ආදීනවෝ, තස්මා සත්තා ලෝකේ නිබ්බින්දන්ති.

නෝ චේදං භික්ඛවේ, ලෝකේ නිස්සරණං අභවිස්ස, නයිදං සත්තා ලෝකම්හා නිස්සරෙය්‍යුං. යස්මා ච ඛෝ භික්ඛවේ, අත්ථි ලෝකේ නිස්සරණං, තස්මා සත්තා ලෝකම්හා නිස්සරන්ති.

පින්වත් මහණෙනි, ඉදින් ලෝකයෙහි ආශ්වාදයක් නොතිබුනා නම්, සත්වයන් ලෝකය කෙරෙහි ඇල්මක් ඇති කරගන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා ලෝකයෙහි ආශ්වාදයක් තියෙනවා. ඒ නිසයි සත්වයන් ලෝකය කෙරෙහි ඇලෙන්නේ. පින්වත් මහණෙනි, ඉදින් ලෝකයෙහි ආදීනවයක් නොතිබුනා නම්, සත්වයන් ලෝකය කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා ලෝකයෙහි ආදීනවයක් තියෙනවා. ඒ නිසයි සත්වයන් ලෝකය ගැන සත්‍ය ස්වභාවය තේරුම් ගෙන කලකිරෙන්නේ. පින්වත් මහණෙනි, ඉදින් ලෝකයෙන් නිදහස් වීමක් නොතිබුනා නම්, සත්වයන් ලෝකයෙන් නිදහස් වෙන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා ලෝකයෙන් නිදහස් වීමක් තියෙනවා. ඒ නිසයි සත්වයන් ලෝකයෙන් නිදහස් වෙන්නේ.

යාවකීවඤ්ච භික්ඛවේ, සත්තා ලෝකස්ස අස්සාදඤ්ච අස්සාදතෝ ආදීනවඤ්ච ආදීනවතෝ නිස්සරණඤ්ච නිස්සරණතෝ යථාභූතං න අබ්භඤ්ඤාසුං, නේව තාව භික්ඛවේ, සත්තා සදේවකා ලෝකා සමාරකා සබ්‍රහ්මකා-සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය නිස්සටා විසඤ්ඤුත්තා විප්පමුත්තා විමරියාදීකතේන චේතසා විහරිංසු.

පින්වත් මහණෙනි, සත්වයන් යම්තාක් කලක් ලෝකය පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන්ම අවබෝධ කළේ නැද්ද, පින්වත් මහණෙනි, ඒ තාක් කල්ම සත්වයෝ, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත වූ මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි ජීවත් වුනේ ලෝකයෙන් වෙන් වෙලා නොවෙයි. නොබැඳී නොවෙයි. නිදහස් වෙලා නොවෙයි. එයට හසු නොවුන සිතිනුත් නොවෙයි.

යතෝ ච ඛෝ භික්ඛවේ, සත්තා ලෝකස්ස අස්සාදඤ්ච අස්සාදතෝ ආදීනවඤ්ච ආදීනවතෝ නිස්සරණඤ්ච නිස්සරණතෝ යථාභූතං අබ්භඤ්ඤාසුං, අථ භික්ඛවේ, සත්තා සදේවකා ලෝකා සමාරකා සබ්‍රහ්මකා-සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය නිස්සටා විසඤ්ඤුත්තා විප්පමුත්තා විමරියාදීකතේන චේතසා විහරන්තීති.

පින්වත් මහණෙනි, සත්වයන් යම්තාක් කලක් ලෝකය පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන්ම අවබෝධ කරගත්තාද, පින්වත් මහණෙනි, ඒ තාක් කල්ම සත්වයෝ, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත වූ මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙන් වෙන් වෙලා වාසය කරන්නේ. එක් නොවී වාසය කරන්නේ. නිදහස් වෙලා වාසය කරන්නේ. එයට හසු නොවුන සිතින් වාසය කරන්නේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M