අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.1.1.

[සාවත්ථිනිදානං]

සැවැත් නුවරදී…..

පුබ්බේව මේ භික්ඛවේ, සම්බෝධා අනභිසම්බුද්ධස්ස බෝධිසත්තස්සේව සතෝ ඒතදහෝසි: ‘කෝ නු ඛෝ ලෝකේ අස්සාදෝ, කෝ ආදීනවෝ, කිං නිස්සරණන්ති?

පින්වත් මහණෙනි, සම්බුද්ධත්වයට කලින්ම, සම්බුද්ධත්වයට පත් නොවී, (මේ ජීවිතයේදීම) බෝධිසත්වයන් වහන්සේ හැටියට සිටියදීම මා හට මේ අදහස ඇතිවුනා. ‘ලෝකයෙහි තිබෙන ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිදහස් වීම කුමක්ද?’ කියලා.

තස්ස මය්හං භික්ඛවේ, ඒතදහෝසි: යං ඛෝ ලෝකේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං, අයං ලෝකේ අස්සාදෝ. යං ලෝකෝ අනිච්චෝ දුක්ඛෝ විපරිණාමධම්මෝ, අයං ලෝකේ ආදීනවෝ. යං ලෝකේ ඡන්දරාගවිනයෝ ඡන්දරාගප්පහානං, ඉදං ලෝකේ නිස්සරණන්ති.

පින්වත් මහණෙනි, එතකොට මට මේ කරුණ අවබෝධ වුනා. ලෝකයෙහි යමක් හේතු කරගෙන සැපයක් සොම්නසක් උපදිනවා නම්, මේක තමයි ලෝකයෙහි ඇති ආශ්වාදය. යම් හෙයකින් ලෝකය අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම්, මේක තමයි ලෝකයෙහි ඇති ආදීනවය. ලෝකය කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරුකිරීමක් ඇද්ද, ඡන්දරාගය ප්‍රහාණය වීමක් ඇද්ද, මේක තමයි ලෝකයෙන් නිදහස් වීම.

යාවකීවඤ්චාහං භික්ඛවේ, ඒවං ලෝකස්ස අස්සාදඤ්ච අස්සාදතෝ ආදීනවඤ්ච ආදීනවතෝ නිස්සරණඤ්ච නිස්සරණතෝ යථාභූතං නාබ්භඤ්ඤාසිං, නේව තාවාහං භික්ඛවේ, සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය ‘අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං.

පින්වත් මහණෙනි, මා යම්තාක් කලක් මේ ලෝකය පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන්ම අවබෝධ කළේ නැද්ද, පින්වත් මහණෙනි, ඒ තාක්කල්ම මා දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ, මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ වගට ප්‍රතිඥා දුන්නේ නෑ.

යතෝ ච ඛෝ අහං භික්ඛවේ, ඒවං ලෝකස්ස අස්සාදඤ්ච අස්සාදතෝ ආදීනවඤ්ච ආදීනවතෝ නිස්සරණඤ්ච නිස්සරණතෝ යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවේ, සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං.

ඤාණඤ්ච පන මේ දස්සනං උදපාදි: “අකුප්පා මේ චේතෝවිමුත්ති අයමන්තිමා ජාති, නත්ථි’දානි පුනබ්භවෝ’”ති.

පින්වත් මහණෙනි, මා යම් දිනෙක මේ ලෝකය පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන්ම අවබෝධ කරගත්තාද, පින්වත් මහණෙනි, එතකොටයි මා දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ, මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ වගට ප්‍රතිඥා දුන්නේ. මා තුළ ඤාණදර්ශනය පහළ වුනා, ‘මගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන දෙයක්. මේක මාගේ අවසාන උපතයි. ආයෙත් නම් දැන් පුනර්භවයක් නෑ’ කියලා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M