03. එකල්හි එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුන ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “භවත් ගෞතමයන් වහන්ස, ධර්මය වනාහී මේ ජීවිතයේදී ප්‍රතිඵල ලැබිය හැකි දෙයක්. ධර්මය වනාහී මේ ජීවිතයේදී ප්‍රතිඵල ලැබිය හැකි දෙයක් කියල කියනවා. භවත් ගෞතමයන් වහන්ස, ධර්මය මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලැබිය හැකි වන්නේ, අකාලික වන්නේ, ඇවිත් බලන්නැයි කිව හැකි වන්නේ, තමා තුළට පමුණුවාගත හැකි වන්නේ, නැණවතුන් විසින් වෙන් වෙන්ව ප්‍රත්‍යක්ෂ කරගත යුතු වන්නේ කවර කරුණු මතද?”
පින්වත් බ්‍රාහ්මණය, රාගයෙන් ඇලී ගිය, රාගයෙන් යටපත් කරන ලද, රාගයෙන් පෙරලී ගිය සිත් ඇති කෙනා තමාට පීඩා පිණිසත් සිතනවා. අනුන්ට පීඩා පිණිසත් සිතනවා. දෙපැත්තටම පීඩා පිණිසත් සිතනවා. මානසිකව දුක් දොම්නස් විඳවනවා. නමුත් රාගය ප්‍රහාණය වී ගිය විට තමාට පීඩා පිණිස සිතන්නේ නෑ. අනුන්ට පීඩා පිණිස සිතන්නේ නෑ. දෙපැත්තටම පීඩා පිණිස සිතන්නේ නෑ. මානසික දුක් දොම්නස් විඳවන්නෙත් නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඔය විදිහටයි ධර්මය මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලැබිය හැකිවන්නේ ….(පෙ)…. නැණවතුන් විසින් වෙන් වෙන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු වන්නේ.
පින්වත් බ්‍රාහ්මණය, ද්වේෂයෙන් ඇලී ගිය, ද්වේෂයෙන් යටපත් කරන ලද, ද්වේෂයෙන් පෙරලී ගිය සිත් ඇති කෙනා තමාට පීඩා පිණිසත් සිතනවා. අනුන්ට පීඩා පිණිසත් සිතනවා. දෙපැත්තටම පීඩා පිණිසත් සිතනවා. මානසිකව දුක් දොම්නස් විඳවනවා. නමුත් ද්වේෂය ප්‍රහාණය වී ගිය විට තමාට පීඩා පිණිස සිතන්නේ නෑ. අනුන්ට පීඩා පිණිස සිතන්නේ නෑ. දෙපැත්තටම පීඩා පිණිස සිතන්නේ නෑ. මානසික දුක් දොම්නස් විඳවන්නෙත් නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඔය විදිහටයි ධර්මය මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලැබිය හැකිවන්නේ ….(පෙ)…. නැණවතුන් විසින් වෙන් වෙන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු වන්නේ.
පින්වත් බ්‍රාහ්මණය, මෝහයෙන් ඇලී ගිය, මෝහයෙන් යටපත් කරන ලද, මෝහයෙන් පෙරලී ගිය සිත් ඇති කෙනා තමාට පීඩා පිණිසත් සිතනවා. අනුන්ට පීඩා පිණිසත් සිතනවා. දෙපැත්තටම පීඩා පිණිසත් සිතනවා. මානසිකව දුක් දොම්නස් විඳවනවා. නමුත් මෝහය ප්‍රහාණය වී ගිය විට තමාට පීඩා පිණිස සිතන්නේ නෑ. අනුන්ට පීඩා පිණිස සිතන්නේ නෑ. දෙපැත්තටම පීඩා පිණිස සිතන්නේ නෑ. මානසික දුක් දොම්නස් විඳවන්නෙත් නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඔය විදිහටයි ධර්මය මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලැබිය හැකිවන්නේ ….(පෙ)…. නැණවතුන් විසින් වෙන් වෙන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු වන්නේ.
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි …(පෙ)… භවත් ගෞතමයන් වහන්ස, අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M