අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.1.1.

01. සාවත්ථිනිදානං…..

01. සැවැත් නුවරදී…..

අථ ඛෝ ද්වේ බ්‍රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයෝඅනුප්පත්තා වීසං වස්සසතිකා ජාතියා, යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ බ්‍රාහ්මණා භගවන්තං ඒතදවෝචුං: ‘මයමස්සු භෝ ගෝතම, බ්‍රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයෝඅනුප්පත්තා වීසං වස්සසතිකා ජාතියා;. තේ චම්හා අකතකල්‍යාණා අකතකුසලා අකතභීරුත්තාණා. ඕවදතු නෝ භවං ගෝතමෝ, අනුසාසතු නෝ භවං ගෝතමෝ, යං අම්හාකං අස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති.

එදා උපතින් වයස එකසිය විසි හැවිරිදි වූ, දිරාපත් වූ, වයෝවෘද්ධ වූ, මහළු වූ, හොඳටම වයසට පත් බ්‍රාහ්මණයින් දෙදෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු සාමීචි කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ඒ බ්‍රාහ්මණවරු භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ කියා සිටියා.

“භවත් ගෞතමයන් වහන්ස, අපට දැන් වයස අවුරුදු එකසිය විස්සක් වෙනවා. අපි දිරලයි ඉන්නේ. වයෝවෘද්ධයි. මහළුයි. හොඳටම වයසයි. ඒ අපට කල්‍යාණ වූ දෙයක් කරගන්නට බැරිවුනා. කුසල් කරගන්නට බැරිවුනා. බිය රහිත දෙයක් කරගන්නට බැරිවුනා. අපට යම් දෙයක් බොහෝ කාලයක් හිත සුව පිණිස පවතීවිද, භවත් ගෞතමයන් වහන්සේ අපට එබඳු අවවාද කරන සේක්වා! භවත් ගෞතමයන් වහන්සේ අපට එබඳු අනුශාසනා කරන සේක්වා!”

තග්ඝ තුම්හේ බ්‍රාහ්මණා, ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයෝඅනුප්පත්තා වීසං වස්සසතිකා ජාතියා. තේ චත්ථ අකතකල්‍යාණා අකතකුසලා අකතභීරුත්තාණා. උපනිය්‍යති ඛෝ අයං බ්‍රාහ්මණා, ලෝකෝ ජරාය ව්‍යාධිනා මරණේන. ඒවං උපනිය්‍යමානේ ඛෝ බ්‍රාහ්මණා, ලෝකේ ජරාය ව්‍යාධිනා මරණේන, යෝ ඉධ කායේන සඤ්ඤමෝ, වාචාය සඤ්ඤමෝ, මනසා සඤ්ඤමෝ, තං තස්ස පේතස්ස තාණඤ්ච ලේනඤ්ච දීපඤ්ච සරණඤ්ච පරායණඤ්චාති.

“හැබෑවටම පින්වත් බ්‍රාහ්මණවරුනි, එකසිය විසි හැවිරිදි වූ ඔබ දිරල, වයෝවෘද්ධ වෙලා, මහළු වෙලා, හොඳටම වයසට ගිහින් තමයි ඉන්නේ. ඒ වගේම ඔබට කල්‍යාණ වූ දෙයක් කරගන්නට බැරිවුනා. කුසල් කරගන්නට බැරිවුනා. බිය රහිත දෙයක් කරගන්නට බැරිවුනා. පින්වත් බ්‍රාහ්මණවරුනි, මේ ලෝක සත්වයා ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් දුක කරා පමුණුවනවා. පින්වත් බ්‍රාහ්මණවරුනි, ඔය විදිහට ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් දුක කරා පමුණුවද්දී මෙහිදීම කයෙන් යම් සංවරයක් ඇතිවෙනවා නම්, වචනයෙන් යම් සංවරයක් ඇතිවෙනවා නම්, මනසින් යම් සංවරයක් ඇතිවෙනවා නම්, එය තමයි පරලොව ගිය ඔහුට ආරක්ෂාවටත්, රැකවරණයටත්, පිහිටටත්, සරණටත්, පිළිසරණටත් තියෙන්නේ.

1. උපනීයති ජීවිතමප්පමායු
ජරූපනීතස්ස න සන්ති තාණා,
ඒතං භයං මරණේ පෙක්ඛමානෝ
පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි.

1. ජීවිතය මරණය කරා පමුණුවනවා. ආයුෂ තියෙන්නේ ස්වල්පයයි. ජරාවෙන් ඇදගෙන යන පුද්ගලයාට ආරක්ෂා ස්ථානයක් නෑ. මරණයෙහි පවතින මෙම භය නුවණින් දක්නා කෙනා සැප සලසාලන පින්මයි කරන්නට ඕන.

2. යෝධ කායේන සඤ්ඤමෝ වාචාය උද චේතසා,
තං තස්ස පේතස්ස සුඛාය හෝති
යං ජීවමානෝ පකරෝති පුඤ්ඤන්ති.

2. මෙලොවදී කයෙන් කෙරෙන යම් සංවරයක් ඇද්ද, වචනයෙන් මෙන්ම සිතින්ද කෙරෙන යම් සංවරයක් ඇද්ද ජීවත්ව සිටින කාලයේදී කරගන්නා වූ යම් පිනක් ඇද්ද, පරලොවට ගියාට පස්සේ සැපය පිණිස පවතින්නේ ඔච්චරයි.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M